යුරෝ 38530ක මුදලක් නීති විරෝධී අයුරින් සිංගප්පූරුවට රැගෙන යාමට උත්සාහ කළ ගාල්ල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
අද (20දා) අලුයම මෙම ව්‍යාපාරිකයා සිංගප්පූරුව බලා යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙන අතර ඔහුගේ යට ඇඳුමේ තිබී මෙම මුදල සොයාගෙන තිබේ.
එහි රුපියල් වටිනාකම රුපියල් 6,121,224කි. මෙම මුදල් රාජ සන්තක කිරීමට රේගුව කටයුතු කර තිබේ.