මූල්‍ය ආයතනයකට ඇපයක් ලෙස තබා තීබූ රුපියල් ලක්ෂ 562ක් වටිනා වී උර 18000ක් එම මූල්යආයතනයට නොදන්වා ඇපකරුවිසින් සොරකම් කර ඇතැයි පොලීසිය කියයි.
එරාවුර් චෙංකල්ලඩි හැටන් නැෂනල් බැංකුවට අයත් වී ගබඩාවක මෙම වී සොරකම සිදුව තිබේ. ඇපකරු එම බැංකුවේ ණය මුදලක් සැඳහා ඇපයක් ලෙස වී තොගය තබා ඇත.
කෙසේ වෙතත් ණය කොන්දේසි කඩකරමින් නීති විරෝධි ලෙස වී ගබඩාවේ ඇති වි ඉවත්කර ගැනිමට කටයුතු කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන අතර ඔහු එරාවුර්හි පදිංචි 35 හැවැරිදි පුද්ගලයෙකු වෙයි.සැකකරු අද (14දා) එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.