රුපියල් හතලිස් පන් ලක්ෂ නමදාස් පන්සිය විසිපක් වටිනා විදෙස් මුදල් ගමන් මල්ලේ සගවාගෙන බැංකොක් නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (24දා) අලුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ ගම්පහ කඩවත ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි සහ සපත්තු ව්‍යාපාරිකයෝ වෙති. මොවුහු නිතර නිතර බැංකොක් හා චෙන්නායි අතර ගමන් බිමන් යන එන බව රේගුව කියයි. ව්‍යාපාරික හිතවත් කම් මත දෙදෙනා එකට කිහිප විටක්ම මෙසේ ගමන් බිමන් ගොස් අති බව අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර් දාහත් දහස් හත්සිය පනහක්, යුරෝ පහලොස් දහසක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.