ගාල්ල, හබරාදුව සහ අවට ප්‍රදේශ රැසක නිවාසවලින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා රත්රන් සහ මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් ව හබරාදුව පොලිසිය සඳහන් කරයි.
පවුම් 20ක (ග්‍රෑම් 300) රත්රන් කුට්ටි සහ මුදල් සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කලක් මහණවී සිට යුද හමුදාවෙන් පලාගිය අවුරුදු 23ක අයෙක් බව පොලිසිය පවසයි.
මොහු විසින් මීටියාගොඩ, අම්බලන්ගොඩ, බද්දේගම, තෙලිකඩ ආදී ප්රදේශවලද කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
සිදුවීම සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්