යක්කලමුල්ල, මාකුඹුර හංදියේදී සිගරට් අලෙවිකරණ වෑන් රථයක් හරස්කර එහි සේවකයන්ට පහදී රුපියල් ලක්ෂ 17ක මුදලක් කොල්ල කෑ සැකකරුවන් එම කොල්ලයෙන් පැය කිහිපයකට පසුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
ඊයේ (12දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් පැමිණි කාර් රථය හරස්කර නවත්වා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 14ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
කොල්ලකරුවන් සියල්ලන්ම අවුරුදු 25ට අඩු සැකකරුවන් සිව්දෙනෙකි.