රුපියල් ලක්ෂ 150ක් වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් නීති විරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි ව්‍යාපාරික කාන්තාවක අද ( 13දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි. සැකකාරිය ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන් චැනල් ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යෑමට තැත් කරද්දී , සැකකාරිය රැගෙනවිත් තිබූ අත්බෑගයේ සඟවාගෙන තිබූ මෙම ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදල රේගුව මගින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.