මාලදිවයිනේ ගණිකා වෘත්තිය සඳහා ශ්රී ලාංකික කාන්තාවන් යැවූ ජාවාරමක ප්රධාන සැකකරුවන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (16දා) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සැකකරුවන් දෙදෙනා විසින් මේ වනවිට ලාංකික කාන්තාවන් 100කට අධික ප්රමාණයක් මාලදිවයිනේ ගණිකා වෘත්තිය සඳහා යොදවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.
මෙම ජාවාරමට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකරන බව එම කාර්යාංශය සඳහන් කරයි. එක් කාන්තාවකට මසකට රු. 150,000ක වැටුපක් ලබාදෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.