ශ්‍රී ලංකා ජාතික සිය බිරිය මරා දැමිමට වරදකරු වූ ඇමෙරිකානු ජාතිකයෙකුට වසර පහක සිර දඬුවමක් පැනවීමට සෞදි අධිකරණයක් කටුයුතු කර තිබෙන බව අරාබි පුවත් සේවය වාර්තා කරයි.
ඝාතනය කළ සිය බිරියගේ සිරුර අල්- ඛර්ජ් කාන්තාරය හරහා ගෑස් ප්‍රවාහනය කරන නලයකට දමා ඇති අතර එම සිරුර මාස 8ක් පමණ නලයේ තිබී ඇතැයිද අරාබි පුවත් සේවය වාර්තා කරයි.
ප්‍රසිද්ධ සමාගමට අයත් නලයක මෙම සිරුර දමා තිබී ඇති අතර ඇමෙරිකානු ජාතිකයා එම සමාගමේ සේවකයෙකු බවත් සිරුර සොයාගත් ප්‍රදේශයේ ඔහු යටතේ පාලනය වෙන බවත් අරාබි මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිරුර දුටු සේවයකන් ඒ පිළිබඳව ඇමෙරිකානු ජාතිකයාට මුලින්ම දැනුම් දී ඇති නමුත් එය සමාගමේ නිලධාරින්ට දැන්වීමට ඇමෙරිකානු ජාතිකයා ප්‍රමාද වී තිබෙන බවත් එම සිරුර තම බිරිඳගේ විය හැකි බවත් ඇමෙරිකානු ජාතිකයා පවසා තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා ඇති එක් සමාගම් සේවකයෙකු පවසා ඇත්තේ ඇමෙරිකානු ජාතිකයා අදාළ සිරුර පුළුස්සා දමන ලෙසට තමන්ට පැවැසූ බවයි. තවත් සේවකයෙකු පවසා ඇත්තේ එම සිරුර අසළ ඇති වලකට දමන ලෙසට ඇමෙරිකානු ජාතිකයා තමන්ට පැවැසූ බවයි.
කෙසේ වෙතත් සේවයකයන් දෙදෙනාම අදාළ යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. මිය ගිය කාන්තාවගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනා සෞදි අධිකරණය විසින් ලබාදුන් පස් අවුරුදු සිර දඩුවමට විරෝධය පළ කර තිබෙන අතර ඔහුට මරණ දඩුවම ඉල්ලා තිබේ.