ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන 03 ක අර්ථසාධක මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් කම්කරු මහලේකම් කාර්යාලය අද (14දා) විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව වාර්තා වේ.
ලංකා විදුලි බලමණ්ඩලයේ අර්ථසාධක අරමුදල් බාර නිලධාරීන් සහ ප්රධානීන් මෙම පරීක්ෂණයට කැඳවා තිබෙන අතර, මෙම මුදල් අස්ථාන ගත වී තිබෙන්නේ පුද්ගලික සමාගමක් හරහා ආයෝජනය කිරීමේදීය.
අදාළ ආයෝජන මුදල් බවට පත්කර පුද්ගලික සමාගම් විසින් ලබාගෙන තිබෙන බවට හෙළිවී තිබෙන අතර, එය සිදුවුයේ කෙසේද යන්න සොයාබැලීමට සහ එම මුදල් නැවත ලබාගැනීමට මෙම පරීක්ෂණය පවත්වන බවද වාර්තා වේ.