ලංකා විදුලිබල මණ්ඩලය සඳහා රුපියල් කෝටි 24.2ක වියදමින් කැබ් රථ 65ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව කෙටි රෝද කෲ කැබ් රථ 50ක් හා මිලදී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 185.6ක මුදලකට සතොස මෝටර්ස් පී.එල්.සී. ආයතනය වෙත ද, දිගු රෝද කෲ කැබ් රථ 15ක් මිලදී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 56.5ක මුදලකට යුනයිටඩ් මෝටර්ස් ලංකා පී.එල්.සී. ආයතනය වෙතද ප්රදානය කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
මෙසේ මිලදී ගන්නා කැබ් රථ බෙදාහැරීම් කලාප 02 සඳහා ලබාදීමට නියමිතය.