විදුලිය විසන්ධි වීම හේතුවෙන් ජනතාවට සිදුවූ අපහසුතාව සැලකිල්ලට ගෙන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍යවරයාට ලබාදී තිබුණද ඉල්ලා අස්වීම භාරගැනීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
විදුලිය යථා තත්ත්වයට පත්වූ පසු විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා විසින් සිය තනතුරින් ඉල්ලා අස්වීම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට භාරදී තිබුණි.
එහෙත් අමාත්‍යවරයා විසින් අස්වීමේ ලිපිය බාරගැනීම මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.