ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා අපේක්ෂකයන්ගේ එකමුතුවේ ඉල්ලීම් ඉදිරි සතිය ඇතුළතදී විසඳන බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලබාදුන් පොරොන්දුව මත සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට එම එකමුතුව අද (06දා) සවස තීරණය කළේය.
සියයකට අධික පිරිසකගෙන් සැදුම්ලත් ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා අපේක්ෂකයන්ගේ එකමුතුව දින 08ක් පුරා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක යෙදී සිටියේ තමන් ස්ථීර සේවක ප්රවාහයට එකතු කරගන්නා ලෙස ඉල්ලමිනි.
මේ පිළිබඳව එම සේවකයන් කළ ඉල්ලීමක් අනුව විෂයභාර ඇමතිවරයා අද සවස සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට සූදානම් බව සියඹලාපිටිය මහතා එහිදී සඳහන් කළේය.
ඒ අනුව ඇමතිවරයාගේ ප්‍රතිචාරය පිළිබඳව සෑහීමකට පත්වන බවත්, ඒ අනුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බවත් විදුලිබල මණ්ඩලයේ රැකියා අපේක්ෂකයන්ගේ එකමුතුවේ සාමාජිකයෝ පවසා සිටියහ.