ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල කාර්ය සේවකයන්ගේ ඉල්ලීම් සඳහා විසඳම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් මාරාන්තික උපවාසයක නිරතවන බව කාර්යාල කාර්ය සේවා ස්වාධීන සංගමයේ ප්‍රධාන සංවිධායක ධම්මික ජයතිලක මහතා පැවසීය.
පසුගිය 19 වැනිදා ආරම්භ කළ උපවාසයට දින හයක් ගත වී ඇතත් මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් නොවූ විදුලිබල මණ්ඩලය සිය සංගමයේ සේවකයන්ට තර්ජනය කරන බවද ඔහු කීය.
ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් කාර්යාල කාර්ය සේවා ස්වාධීන සංගමය මෙම උපවාසය ආරම්භ කළ අතර, මෙම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන ලෙස විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නියෝග කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකර, විදුලිබල මණ්ඩලය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අනුමත කළ නොහැකි බවද ධම්මික ජයතිලක මහතා ප්‍රකාශ කළේය.