ලංකා විදුලිබල මණ්ඩලයට අනියුක්තව සේවය සැපයූ මිනිස්බල සේවකයින් සහ කොන්ත්‍රාත් පදනම මත සේවය සැපයූ මනු කියවන්නන් සැප්තැම්බර් 04 දා සිට ස්ථීර කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
"2014 වසර අවසන් වීමට පෙර සේවයට බඳවාගත්, නිශ්චිත කාලසීමාවක් සේවය කළ මනු කියවන්නන් සහ ලංවිමට අනියුක්තව සේවය සපයන මිනිස්බල සේවකයින් සියලු දෙනා සැප්තැම්බර් මස 04 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවක ප්රවාහයට එක්කර ගැනීමට බලාපොරොත්තුවෙනවා" යැයි අමාත්‍යවරයා පැවැසීය.