ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආසන 32-35 ප්‍රමාණයේ නව කුඩා බස්රථ 250ක් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ. මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල කඳුකර, වංගු සහිත මාර්ගවල මෙන්ම අනෙකුත් පළාත්වල ග්‍රාමීය පටු මාර්ගවලද වැඩි බස්රථ ප්‍රමාණයක් දෛනිකව ධාවනයේ යෙදවීම මඟින් එම ප්‍රදේශවල ජනතාවට වඩා හොඳ ප්‍රවාහන සේවයක් ලබා දීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේසඳහා වන යෝජනාව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.