ප්රවාහනයේ දවසේ පළමු ගමන්වාරය සහ අවසාන ගමන්වාරය සිදුකරමින් රටේ නිෂ්පාදන ක්රියාවලියට විශේෂ දායකත්වයක් ලබාදෙන ශ්රී ලංගම සේවකයන්ටත්, රජයේ සේවකයන්ට සහන මිලට ලබාදෙන යතුරුපැදි ලබාදෙන ලෙස සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
උදෑසන ගමන් වාරය ආරම්භ කිරීමට උදෑසන තුනට, හතරට කිලෝමීටර් 10 ක් 15 ක් දුර ගෙවාගෙන පැමිණෙන ලංගම සේවකයන් විශාල පිරිසක් සිටින බවත්, ඉතාමත් අඩු වැටුපකට සේවය කරන ලංගම සේවකයාට මෙම ගැටලුව විසඳාගැනීමට ආර්ථිකයක් නොමැති වීම නිසා සහන මිලට යතුරුපැදියක් ලබාදීම විශාල සහනයක් ලැබෙන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.