ලංගමයට ඉන්ධන ලබාදීම සඳහා තෙල් සංස්ථාවට ලබා දී තිබෙන කොන්ත්රාත්තුව අවලංගු කර ඉන්දියන් ඔයිල් සමාගමට එම කොන්ත්රාත්තුව ලබාදීමට සැලසුම් කර තිබෙන බව සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය සඳහන් කරයි.
මීට අදාළ කැබිනට් පත්රිකාව සම්මත කරගෙන තිබෙන බවත්, මෙම ක්රියාව නිසා ලංගමයත් තෙල් සංස්තාවත් දැඩි අර්බුදයකට ලක්වන බවත් එම සංගමයේ ප්රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව ඉන්දියන් ඔයිල් සමාගම සතුව ඉවතින්නේ ඉන්ධන හල් 130ක් පමණක් බවත්, එහෙත් තෙල් සංස්ථාව සතුව ඉන්ධන හල් 1200කට අධික ප්රමාණයක් පවතින බවත් ඔහු පවසා සිටියේය.
මේ හරහා ඉන්දියන් ඔයිල් සමාගමේ තෙල් ලබාගැනීම දුෂ්කර කාර්යයක් බවත්, මීට අමතරව රටේ මුදල් බහුජාතික සමාගම සතුවී තෙල් සංස්ථාව කඩා වැටීමකට ලක්වන බවත් හෙතෙම සඳහන් කළේය.