ශ්‍රී ලංකාවේ ස්වාභාවික වායු බලාගාරයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට කටාර් රාජ්‍යයේ එමිර්වරයා වූ නමීන් බීන් අහමඩ් අල් නාති මහතා එකඟත්වය පළකර තිබේ.
ඔහු මෙලෙස සිය එකඟත්වය පළකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒ මහතා අතර ඊයේ (26දා) කටාර් එමීර් ඕමාන් මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.
එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ස්වාභාවික බලශක්ති හා ගෑස් ක්ෂේත්රවල පවතින ආයෝජක අවස්ථා පිළිබඳ කටාර් රාජ්‍යයේ එමීර්වරයා දැනුවත් කරන ලදී.
එරට වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් සඳහා ලංකාවේ විෂය නිර්දේශය ක්‍රියාත්මක වන පාසලක් කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යන ලෙස මෙරට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි එමීර්වරයාගේ අවධානය යොමු වී තිබේ.
මෙහිදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍යය හා මූල්‍ය ක්ෂේත්රවල සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා වන ගිවිසුම් 07කට අත්සන් තැබිණි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වරාය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහාය ලබාදීමට කටාර් එමීර්වරයාගේ එකඟත්වය පළවී තිබේ.