ශ්‍රී ලංකාවේ උපත ලද කුඩා දරුවන් දහස් ගණනින් 1980 දශකයේදී බටහිර රටවල්වලට විකුණා ඇති බවට වාර්තා වීමත් සමගින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධානය යොමු කර තිබේ.
මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම තොරතුරු වාර්තා කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දරුවන් 11000ක් පමණ විදේශයන්ට විකුණා ඇති බවයි.
එයින් වැඩිම පිරිසක් විකුණා ඇත්තේ නෙදර්ලන්තයට වන අතර එම ප්‍රමාණය 4000ක් පමණ වෙයි. ඊට අමතරව ස්වීඩනය, ඩෙන්මාර්කය, ජර්මනිය මෙන්ම බ්‍රිතාන්‍යය යන රටවල්වලටද මෙසේ දරුවන් අලෙවි කර තිබේ.
ඒ සඳහා දෙපාර්ශ්වයෙන්ම ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බවත් දැනටමත් තොරතුරු අණාවරණය වී තිබේ.
එසේම එසේ විදේශයන් දරුවන් අලෙවි කිරීමට වෙනමම ස්ථාන (baby farms) ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබී ඇත.
මේ අනුව එම දරුවන්ට තම නියම දෙමාපියන් සොයා ගැනීම සඳහා ඩී.එන්.ඒ. දත්ත පද්ධතියක් නෙදර්ලන්තය හා එක්ව ආරම්භ කිරීමටද අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
බී.බී.සී./ද ගාඩියන් ඇසුරෙනි