අඩු වියදමක් යටතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලැබූ වර්ධනය ලෝක බැංකුව ඇගයීමට ලක් කර තිබෙන බව විශ්වීය සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයනයක නිරත වූ ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයද ඇගයීමට ලක් කරයි. අවම වශයෙන් වසර 50 ක කාලයක් තුළ මාතෘ සෞඛ්‍ය, ළදරු සෞඛ්‍ය, බෝනොවන රෝග පාලනය පිළිබඳව ශ්‍රී ලංකාව යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීම ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇත. සෞඛ්‍ය සේවාව විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම අනෙක් රටවලටද ආදර්ශයක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා රජය 1930 සිට නොමිලේ සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදෙයි. ප්රතිශක්තීකරණය ලබාදීම අතින් 100% ක සාර්ථකත්වයක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත. 2015 අග වනවිට දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් හා සැසඳීමේදී ළමා මරණ සංඛ්‍යාව අවම කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබී ඇත.