ශ්‍රී ලංකාවේ වර්ධනයට හා සෞභාග්‍යය සඳහා ඉන්දියාව තවදුරටත් සහාය දක්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. එසේම දෙරටම ප්රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් රටවල් දෙක තවදුරටත් සමීපම කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සිය ප්‍රථම නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට ගිය අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ඊයේ (09දා) හමුවූ අතර එහිදී මෙම අදහස් දක්වා තිබේ.