ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තුළ වඩාත් ගුණාත්මක ප්‍රාථමික සෞඛ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බව බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමේ නිර්මාතෘ මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් පවසයි.
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැති සැසියක් අමතමින් ඊයේ (17දා) ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම ලෝකයේ පවතින හොඳම අධ්‍යාපන යාන්ත්‍රණයක් සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක වන බවද ඔහු එහිදී පවසා සිටියේය.
සුනිල් ජයසිරි (එංගලන්තයේ ලන්ඩන් නුවර සිට)