ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අලුතින් ඉදිකෙරෙන විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු පොළොන්නරුව සෙවණපිටියේදී ආරම්භ විය.
විශේෂයෙන් විදේශ වෙළෙඳ පොළ ඉළක්ක කර ගනිමින් තත්ත්වයෙන් උසස් විසිතුරු මසුන් නිපදවීම මෙම අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම මධ්‍යස්ථානය තුළ ‘ගෝල්ඩ් ෆිෂ්' (Gold Fish), 'කොයි කාෆ්' (Koi Calf) නැමැති විසිතුරු මත්ස්‍ය දෙක අභිජනනය කෙරෙන අතර, එම මසුන් බෝවීම සම්බන්ධයෙන් ඉහළ විභවයක් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවතින බව විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ.
මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 150කි. එමෙන්ම වාර්ෂික නිෂ්පාදනය ගෝල්ඩ් ෆිෂ් පැටවුන් මිලියන 30ක් වන අතර, කොයි කාෆ් වර්ගය මිලියන 2.4කි. ඒ අනුව සමස්ත මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය වාර්ෂිකව මිලියන 32.4කි.
දැනට සිංගප්පූරුව, එක්සත් රාජධානිය ඇතුළු රාජධානිය ඇතුළු රටවලින් ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් සඳහා විශාල ඉල්ලුමක් පැවතියද, තත්ත්වයෙන් උසස් විසිතුරු මසුන් සැපයීමට නොහැකිවීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් සිදුකිරීමට නොහැකිව තිබෙන බව අමාත්‍යාංශය කියයි.