ශ්‍රී ලංකාවේ පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගවලින් පෙළෙන බවත්, ඉන් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ 20% ක පමණ පිරිසක් බවත් ජාතික මානසික රෝග විද්‍යායතනයේ වාර්තා මගින් අනාවරණය වේ.
“ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ගැටලු ඉහළ යමින් පවතිනවා. ජාතික මානසික රෝග විද්‍යායතනයේ වාර්තා අනුව ඉහත කී තොරතුරු සනාථ වෙනවා. දසදෙනෙකුගෙන් එක් අයෙක් මානසික රෝගීන් වුවත් එයින් ප්‍රතිකාර සඳහා යොමුවෙන්නේ 20% ක් පමණයි. ඒ සඳහා පවතින හේතු සංකීර්ණයි. සමහර විද්වතුන් පෙන්වා දෙන්නේ යුද්ධය හා 2004 සුනාමි ව්‍යසනය මෙරට මානසික සෞඛ්‍ය පිරිහීමට බලපා ඇති බවයි. ලෝකය පුරාම ජනතාව මානසික ආතතිය හේතුවෙන් ප්‍රශ්න රැසකට මුහුණදී සිටිනවා. එය ගණනින් මිලියන 300 ක් යැයිද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.