ශ්‍රීලංකාවේ තොරතුරු පනත ශක්තිමත් පනතක් බවත් තොරතුරු දැනගැනීම මෙන්ම තොරතුරු ආරක්ෂා කිරීමද වැදගත් බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ප්‍රතිපත්ති කාර්යාලයේ අධ්යක්ෂ මෙලනි ඈන් පොස්ටේ මහත්මිය පැවසුවාය.
ඇමෙරිකාව තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර 50 වැනි වසර සමරන බවත්, ශ්‍රීලංකාව මේවනවිට තොරතුරු පනත සම්මත කර තිබීම පිළිබඳ සතුටුවන බවත් ඇය පැවසුවාය.
මේවනවිට ඇමෙරිකාවේ වසරකට තොරතුරු ඉල්ලුම් පත් 60,000 ක් පමණ ඉදිරිපත්වන අතර,තොරතුරු දැනගැනීමට ලංකා පුරවැසියන්ද උනන්දුවෙන් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවද ඇය පැවසුවාය.
එමෙන්ම තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේදී තොරතුරු යනු මොනවාද , ඉල්ලීම් කරන්නේ කෙස්ද, රැකගත යුතු තොරතුරු මොනවාද ආදිය පිළිබඳ නිරන්තර දැනුවත් කිරීම අවශ්‍ය බවත්, ඒ පිළිබඳ පුහුණුව අවශ්‍ය බවත් මෙලනි ඈන් පොස්ටේ මහත්මිය ප්‍රකාශ කළාය. එමෙන්ම තොරතුරු දැනගැනීම ශක්තිමත් කිරීමට රජය මෙන්ම මාධ්‍යයට හා සිවිල් සංවිධානවලටද විශාල කාර්යයක් ඇති බවද ඇය සිහිපත්කළාය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේබව කීවාය.
ෙ