ශ්‍රී ලංකාවේ නීතිය ඉගෙන ගැනීමට වැඩි අවස්ථා නිර්මාණය කිරීමට අදාළ යෝජනා මාලාවක් ප්‍රතිපත්ති සංවර්ධනය කාර්යාලය එළිදක්වා ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව සිටිය යුතු නීතිඥවරුන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවත් නීති අධ්‍යාපන අවස්ථා වැඩිකිරීම හරහා බිහිවන නීතිඥයන් හරහා ලංකාවේ නීති සේවාවන්ගේ අවශ්‍යතාව සපුරාගත හැකි බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පාඨමාලාව සඳහා 2016 වසරේදී 5135ක් අයදුම් කර ඇතත් එයින් සුදුසුකම් ලබා ඇත්තේ සිසුන් 239කි.
මීට විසඳුම් ලෙස දිස්ත්‍රික් මට්ටමින් නීති අධ්‍යාපන ආයතනය බිහි කිරීම, නීති අධ්‍යාපනය සඳහා නව විෂයන් හඳුන්වාදීම, සියලුම ප්‍රාදේශීය නීති අධ්‍යාපන ආයතනවල සියලුම විභාග ශ්‍රී ලංකා විභාග කොමසාරිස් හා ශ්‍රී ලංකා නීති අධ්‍යයන සභාවේ සෘජු අධීක්ෂණය යටතේ පැවැත්වීම ආදී යෝජනා මෙහිදී එළිදක්වා ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමකට අනුවයි.