(VIDEO) ශ්‍රී ලංකාවේ පවතින අවසථාවලින් ප්‍රයෝජන ගෙන ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන ව්‍යාපාරිකයන්ට හා ආයෝජකයින්ට ආරාධනා කරන බව කර්මාත්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය. චීනයේ නැංජින් නුවරදී ආරම්භ වූ 13 වැනි චීන- ආසියාන් වෙළද ප්‍රදර්ශනය (CAEXPO) අද (11දා) අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
මෙවර ප්‍රදර්ශනයේ විශේෂ ආරාධිතයා වන්නේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ පිහිටීම, කුසලාතවලින් යුත් ශ්‍රම බළකාය, ජීවන තත්තවය, ශ්‍රී ලංකාවේ වරාය, ව්‍යපාරික යටිතල පහසුකම්, නීතියේ ස්වාධීනත්වය වැනි අංගවලින් ආයෝජකයන්ට උපරිම ප්‍රයෝජන ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
එසේම ඉදිරියේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හා පාකිස්තානය අතර අත්සන් කිරීමට නියමිත වෙළඳ ගිවිසුම් හරහා විශාල වෙළඳපොළක් විවෘත වන බවත් එයින් ප්‍රයෝජන ගැනීමට චීන ආයෝජකයන්ට අවස්ථාවක් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. චීනය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලම වෙළඳ සහකරුවා වන බවත් ඔහු සඳහන් කළේය.
වීඩියෝ- සාරංග විජේරත්න