ශ්‍රී ලංකාව සහ දකුණු කොරියානු ආරක්ෂක අංශ අතර සහයෝගිතාව වර්ධනයට නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හා දකුණු කොරියාවේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක් අද (03දා) දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සභාපති ලුතිනන් ජෙනරාල් සුන්ග් හෝ මහතා සහආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දකුණු කොරියානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතය. මෙහිදී අදහස් දැක්වූ වී සුන්ග් හෝ මහතා පැවැසුවේකොරියා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ලබාදෙන පුහුණු ඉඩප්‍රස්තා වැඩි වශයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.ඉදිරි කාලය තුළ දකුණු කොරියානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකාව සමග යුද, නාවික සහ ගුවන් හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.