මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමේ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන්මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට අද (06දා) දහවල් පිරිනැමූ බව අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කිරිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් දියත් කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම් 03 ක් පසුගිය වසර 03 තුළ අවස්ථා 03 ක දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම වැඩපිළිවෙල නිරික්ෂණය කළ බවත් එම නිවේදනයේ වෙයි.
මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කරමින් වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කළ බවද එම නිවේදනයේ දැක්වෙයි.