පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දෙහිවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි නයිජීරියානු ජාතිකයෙකු හා ශ්‍රී ලංකා ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පෙරේදා (03දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එදින ඔහු රැඳී සිට දෙහිවල ප්‍රදේශයේ මහල් නිවසේ තිබී කොකේන් කිලෝ 01 යි ග්‍රෑම් 22 ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් පිළිබඳව කළ වැඩිදුර විමර්ශනයේදී ඊයේ (04දා) නයිජිරියානු ජාතිකයාගේ අංක 24 ඩී, ගාමිණි මාවත, රත්මලාන ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි නිවසේ කාමරයක තිබී කොකේන් කිලෝ 01 ග්‍රෑම් 84 ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතික පුද්ගලයා අවුරුදු 24 ක් වන පුද්ගලයෙකු බවත්, ශ්‍රී ලංකා ජාතිකයා අවුරුදු 53 ක් වන මීතොටමුල්ල. කොලොන්නාව ලිපිනයේ පදිංචි කරුවෙකු බවත් පොලීසිය කියයි.
සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, 09දා දක්වා රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තබාගෙන වැඩිදුර විමර්ශන පවත්වාගෙන යාමට නියෝග කර තිබේ.