බෝවන රෝග පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කලාපීය රටවලට මෙන්ම ලෝකයටම ඉතා හොඳ ආදර්ශයක් ලබාදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික කලාපීය අධ්‍යක්ෂිකා පුනම් චෙත්‍රපාල් සිං මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් බවට නිලවශයෙන් ප්‍රකාශ කිරීම නිමිත්තෙන් අද 21දා පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහත්මිය මෙසේ පවසා සිටියාය.
1947 ඔක්තෝබර් 27 වැනිදා මෙරටින් ජාතික බරවා මර්දන වැඩසටහනක් ආරම්භ කෙරුණු අතර, දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය බරවා මර්දන ඒකක ඒ අනුව පිහිටුවනු ලැබීය.
බරවා මර්දනය වෙනුවෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරනු ලැබූ අඛණ්ඩ ක්‍රියාවලිය හේතුවෙන් බරවා රෝගීන් ඇතිවීමේ වේගය 1% කට වඩා අඩු අගයකට පහත දැමීමට හැකිවූ අතර, එම හේතුවෙන් බරවා රෝගය තුරන් කරන ලද කලාපීය රටවල් දෙක අතරට එකතුවීමට ශ්‍රී ලංකාවට හැකි විය