2017 වසර සඳහා The Economist සඟරාව නිකුත් කළ ප්‍රජාතන්තාවාදී දර්ශකය (Economist Intelligence Unit'sDemocracy Index 2017) තුළ ශ්‍රී ලංකාව 62 වැනි ස්ථානය ලබා ගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මෙය පසුගිය 2016 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව එම දර්ශකයේ ස්ථාන 4 ක් ඉහළට පැමිණීමක් ලෙසදසඳහන්ව තිබේ. මෙහිදි ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 6.48 කි.
එසේම මෙම දර්හකයට අනුව 2017 වසර වන විට ප්රජාතන්ත්රවාදය අතින් ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව 11 වැනි ස්ථානය හිමි කරගැනීමට සමත්ව තිබේ. 2016 දී ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයේ පැවතුණි.
ජාත්‍යන්තර The Economist සඟරාවේ Economist Intelligent Unit මගින් වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරයි. එහිදී රාජ්‍යයන් වෙත 0 සිට 10 දක්වා ලකුණු ලබාදීමක් සිදුව තිබේ. මෙහිදී සමීක්ෂණයට ලක්කර ඇති රාජ්‍යයන් සංඛ්‍යාව 165 කි.
.අසල්වැසි ඉන්දියාව මෙම දර්ශකයේ 42 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. මෙම දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍ය හිමිකරගෙන ඇති අතර, ඔවුන් ලැබූ ලකුණු සංඛ්‍යාව 9.87 කි. මේ අතරම ඇමෙරිකා එක්සත් ජනපදය එම දර්ශකයේ 21 වැනි ස්ථානයේ පසුවෙයි.