ලංකාව නිසා ඉන්දීය මෝටර් රථ ක්ෂේත්රයට බලපෑම්
ශ්‍රී ලංකාව හා නේපාලය ණය ලබාදීමේ ප්‍රතිපත්ති වෙනස් කිරීම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වාහන නිශ්පාදන ආයතන කිහිපයකට බලපෑම් එල්ල වී තිබේ. මරූටි සුසුකි, රෙනෝල්ට්, බජාජ් හා ඉන්දියාවේ පවතින නිසාන් සමාගම මේ හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
මෝටර් රථ සඳහා ණය ලබාදීමේදී තක්සේරු අගය මත ලබාදෙන ණය ප්‍රමාණය 50%ක් කිරිමටත්, ත්‍රිරෝද සඳහා එම අගය 25%ක් කිරීමටත් පසුගිය අයවැයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කටයුතු කරනු ලැබීය. එසේම නේපාලය තුළ මෝටර් රථ අලෙවිකිරීම අධෛර්යමත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙම කරුණු හේතුවෙන් ඉන්දියාවේ මෝටර් රථ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති බජාජ් සමාගම පවසා ඇත්තේ තම ආයතනය නිශ්පාදනය කර අපනයනය කරන ත්‍රි රෝද රථ අලෙවිය සියයට 25කින් පමණ පහත බැස ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
