ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දුව ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
අද (29දා) එම සංවිධානය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ, වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පවතින මෙම පනත හේතුවෙන් චෝදනාවක් නොමැතිව සැකකරුවන් මාස ගණන් වසර ගණන් රඳවා ගැනීමට අවස්ථාව හිමිවෙයි.
“ශ්‍රී ලංකා රජය මේ වෙනුවෙන් සෑම සාකච්ඡාවක්ම පැවැත්වුවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පියවර ගෙන නෑ. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන්නේ නම් මෙම පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කළ යුතුයි ” යැයි එහි අධ්යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් පැවසීය.
ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කළ පිටු 46ක වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධාන සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ හිංසාවට පත්වීම් සඳහා මෙම පනත ප්‍රධාන වශයෙන් උපකාරවී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය වෙනුවෙන් හඳුන්වාදුන් මෙම පනත 2009 වසරේ මැයි මාසයේ ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුවද ක්‍රියාත්මක බවද ඔවුහු සඳහන් කරති.
2015 වසරේ ඔක්තෝබර් පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරයේදී ශ්‍රී ලංකාව මෙම පනත වෙනස් කරන බවට ප්‍රකාශ කළද වසර දෙකකට අධික කාලයක් ගතව තිබියදී එම පොරොන්දුව ඉටුකිරීමට ශ්‍රී ලංකා රජය අපොසාත්වී ඇති බවද ඔවුහු චෝදනා කරති.