චක්‍රීය ක්‍රමවේදය යටතේ බස්රථ ධාවනය කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් බස්රථ 2000 කට අධික ප්‍රමාණයක් කෝටා ක්‍රමය යටතේ ධාවනය වෙමින් තිබියදී බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අලුතින් බස්රථ 250 කට බලපත්‍ර ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, ඉදිරි දින 07 තුළ එම ක්‍රමවේදය අවලංගු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ, චක්‍රීය ක්‍රමවේදය තුළ බස්රථ ධාවනය කිරීමට අවස්ථාවක් නොමැති වීම නිසා සෑම දිනකම සෑම මාර්ගයකම බස්රථ 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබෙන බවයි.