හම්බන්තොට මහරෝහලේ තුන්වන මහලේ පළවන වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද (06දා) අලුයම 05ට පමණ තුන්වන මහලෙන් බිමට පැනීමෙන් පසු මියගොස් තිබේ .
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට රුහුණු රිදියගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක එක්දරු පියෙකු වේ . දින කීපයක සිට හම්බන්තොට මහරෝහලේ ප්රතිකාර ලබමින් සිටීමෙන් අනතුරුව ඔහු මෙසේ සිය දිවි හානිකරගෙන තිබේ.
අනතුර සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.