ඇන්ටාක්ටිකාවේ රොස් මුහුද ලෝකයේ විශාලතම සමුද්‍රික ආරක්ෂක කලාපය බවට පත්කිරීමට රාජ්‍යයන් 24ක් හා යුරෝපා සංගමය එක්ව තීරණය කර තිබේ.
මෙම තීරණයත් සමග වර්ග සැතපුම් 600,000කින් පමණ යුතු වන දකුණුදිග මුහුදු කලාපය වාණිජමය ධීවර කටයුතුවලින්ද වසර 35ක පමණ කාලයක් නිදහස් වනු ඇති බවද පැවසෙයි.
පෘථිවියේ ඉතාම නොකිලිටි වූ සමුද්‍ර පරිසර පද්ධතියක් ලෙස සැලකෙන රොස් මුහුදු කලාපය සම්බන්ධයෙන් ගනු ලැබූ මෙම තීරණයෙන් පරිසරවේදීන් උද්දාමයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ජාත්‍යන්තර මුහුදු සීමාවන් හි ඇති සමුද්‍ර පරිසර පද්ධතියක් සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රථම ආරක්ෂණ පියවර ලෙසද මේ අවස්ථාව සැලකෙයි.
මෙම රොස් මුහුදේ ඇති විශේෂත්වය වන්නේ එය අනෙක් සාගරවල මෙන් අපද්‍රව්‍යවලින් කිලිටි නොවීමත්, විශේෂිත ද්‍රව්‍යවලින් නොකිලිටිව, සාගර කැණීම්වලින් තොරව නිදහසේ පැවතීමය.
දකුණු අර්ධගෝලයේ මුහුදු කලාපය සමග සැසඳීමේදී මෙම රොස් මුහුද 2%ක තරම් කලාපයක් වුවත්, ලෝකයේ දුර්ලභ පෙන්ගුවින් විශේෂවලින් 38%කට පමණ වාසභූමි සලසන කලාපයකි. එමෙන්ම, ඇන්ටාකාටිකාවට ආවේණික කුරුළු විශේෂ සඳහා මෙන්ම, තල්මසුන්ටද සුවිශේෂී වූ වාසභූමියක් ලෙසද මෙම රොස් මුහුදු කලාපය සැලකෙයි.