රොයිස් ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කිරීම් අරඹයි
(VIDEO) මීගමුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් කෝටි 11/2 ක මුදලක් මංකොල්ල කෑමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු පැය 72 ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට සැකකරුවන් තිදෙනෙකු සමග ගිනි අවි 2 ක්, යතුරු පැදි 2 ක් හා රුපියල් 183,000 ක මුදලක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි හෙතෙම කීය.
මංකොල්ලයට පැමිණි පුද්ගලයන් දෙදෙනා පැළඳ සිටි හෙල්මට් ආධාරයෙන් කළ විමර්ශනයේදී සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ බවත්, තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරගෙන යන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.
මේ ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

