කර්මාන්ත ශාලා සඳහා භාවිත කෙරන ඕනෑම රොබෝ යන්ත්‍රයක් සඳහා රොබෝවා ඇතුළු පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිපදවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ අවසන් වසර සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
සාමාන්‍ය වශයෙන් ගත් කල රොබෝවා සමග පාලකය සහ පාලන මෘදුකාංගයක් මිලදී ගැනීමට ලංකාව වැනි රටකට විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. ඊට විසඳුමක් ලෙස අඩු වියදමකින් ඕනෑම කර්මාන්ත ශාලා රොබෝවකු සඳහා පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිර්මාණය කරදීමට හැකි බව මෙම සිසුහු පවසති.
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉඳුනිල් වීරසිංහ, කසුන් වික්‍රමසිංහ සහ ඉරේෂා අමරසේකර යන උපධි අපේක්ෂක කණ්ඩායම විසින් මෙය නිපදවා තිබේ. ඒ සඳහා ආචාර්ය ලිලන්ත සමරනායක සහ ආචාර්ය පරාක්‍රම ඒකනායක යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
ගයාන් සූරියආරච්චි