ගෙවීගිය වසර 20 තුළ රාජ්‍ය ආදායම 19 %සිට 12% දක්වා අඩු වුවද, ශ්‍රී ලංකා රේගුව රටට ලබාදෙන ආදායම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා රේගුව තුළින් රුපියල් බිලියන 664 ක් බලාපොරොත්තු වුවද, එම වසර තුළදී රේගුව රුපියල් බිලියන 714 ක ආදායමක් උපයාදී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඊයේ (26දා) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර රේගු දිනය සැමරීම සඳහා රේගු මූලස්ථානයේ පැවැති විශේෂ උත්සවයකදී හෙතෙම මේ බව සඳහන් කළේය.