යෝජිත රේගු පනත ක්‍රියාත්මක කළහොත් රට ආරක්ෂා කරගැනීම සඳහා යොදා තිබෙන රේගු දැල කැඩීබිඳී විනාශ වී යන බවත්, මේනිසා ජාවාරම්කරුවන්ට කැඩී බිඳී ගිය ස්ථානවලින් පැන යාමට හැකිවන බවද සමස්ත ලංකා රේගු සේවා සංගමය සඳහන් කරයි.
තිබෙන පනත ඉතාමත් ශක්තිමත් පනතක් බවත්, එහෙත් මෙම පනත ඉවත් කර රට තුළ ක්‍රියාත්මක කිරීමට නව පනතක් සකස් කර තිබෙන බවද එම සංගමයේ ලේකම් ජේ.ඒ.ගුණතිලක මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
පනත සම්මත කිරීමට කටයුතු කළහොත් රේගු දෙපාර්තමේන්තුව තුළ අඛණ්ඩ වෘත්තීය අරගලයක් දියත් කරන බවත්. ඒ සඳහා රටට ආදරය කරන ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.
තිබෙන පනතේ නීති නිසා ජාවාරම්කරුවන්ට, වංචාකරුවන්ට වහකඳුරු වී තිබෙන බවත්, එහෙත් සකස් කර තිබෙන පනත තුළින් නීති ලිහිල් කරදමා තිබෙන නිසා ජාවාරම්කරුවන්ට වංචාකරුවන්ට සිත්සේ කටයුතු කළ හැකි බවද සඳහන් කළේය.