ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ක්‍රියාවලිය පහසු කරලීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමට අදාළව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක Single Window වැඩසටහනට ශ්‍රී ලංකාවට සම්බන්ධ කර තිබේ.
එහි සමාරම්භක උත්සවය ඊයේ (04දා) මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේදී පැවැත්විණි.
ලෝක වෙළෙඳ සංවිධානය සහ ලෝක රේගු සංවිධානය යටතේ පවතින ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව රේගු කටයුතු වඩාත් පහසු කරලීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අදහසකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය කියයි. මේ සඳහා නවීන තාක්ෂණය යොදාගන්නා අතර පරිගණක ජාල මගින් අදාළ කටයුතු සම්බන්ධීකරණය කෙරෙන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.