රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා සුහදතාවයෙන් හා එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අයිතිවාසිකම් සහ වරප්‍රසාද පිළිබඳ මෙම ආයතන දෙක අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවුවහොත් ඉන් පීඩාවට පත්වන්නේ ප්රතිලාභ ලබන ජනතාව බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (30දා) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම පිළිබඳ වැඩසටහනකට එක්වෙමිනි.
කුමන ආණ්ඩුවකට වුවද කුමන දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට වුවද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සැකසී ඇති ආයතන ව්‍යුහය තුළ සුහදතාවයෙන් සහ එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීමේ වගකීම පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.