ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතන ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයක් ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබීම පිළිබඳව එම ආයතනයේ සේවකයන් හා පාඨමාලා හදාරන සිසු සිසුවියන් අද (24දා) සවස ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍ර‘යේදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා පදනම් ආයතන භූමියේ ඇති රූපවාහිනී අභ්‍යාස ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර තමන්ගේ පාඨමාලා පවත්වාගෙන යෑමට අවස්ථාව ලබාදෙන්නැයි මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස් සඳහන් කළහ.
රූපවාහිනී හා සිනමාකරණය පිළිබඳව හැදෑරීම සඳහා මෙරට ඇති ප්‍රධානතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයයි.