දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණු විශ්වවිද්‍යාල භූමියේ නොපවත්වා වෙනත් ස්ථානයකට ගෙනයාමට රජයේ සූදානමක් පවතින්නේ ආචාර්යවරුන්ගේ හෝ ශිෂ්‍යයන්ගේ විරෝධතා නිසා නොව ප්‍රදර්ශනයක් පැවැත්වීමට තරම් රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඉඩකඩ නොතිබීම නිසා බවට වාර්තා වේ.
ඉකුත් සමයේ උසස් අධ්‍යාපන ඇමතිවරයාද පවසා තිබුණේ ශිෂ්‍යයන් හෝ වෙනත් පාර්ශ්වයන් විරුද්ධ වුවද රුහුණු විශ්වවිද්‍යාල භූමියේ දැයට කිරුළ ප්‍රදර්ශනය පවත්වන බවයි.
එහෙත් දැනගන්නට ලැබෙන ආකාරයට ප්‍රදර්ශනය වෙනත් විශ්වවිද්‍යාලයකට හෝ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සූදානමක් පවතී.
ප්‍රදර්ශනයකට අවශ්‍ය කරන ගොඩනැගිලි හා අනෙකුත් ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත රජය මෙම තීරණයට එළඹ ඇත.
අමිත් මධුරංග/ මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි