පොසොන් පොහෝය නිමිත්තෙන් රුහුණු කතරගම මහා පෙරහර පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් අද (06දා) සිට 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අනුව මෙම පෙරහර දෙදින තුළ තිස්සමහාරාමය, සිතුල්පව්ව හා කිරින්ද යන රජමහා විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් වීදී සංචාරය කිරීමට නියමිතය.
ඒ අනුව පෙරහර පැවැත්වෙන කාලය තුළ පහත සඳහන් ආකාරයට විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.