රුසීයානු නාවික හමුදාවට අයත් සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ නෞකාවක් වන ඉගෝර් බෙලොසෝව් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (27දා) කොළඹ වරායට පැමිණියේය. මෙම නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව පිළිගත් බව නාවික හමුදාව පැවසු අතර දින 4 ක නිල සංචාරයක් සඳහා මෙය පැමිණි තිබේ.