පැසිෆික් කලාපයේ තම දේශසීමා ආරක්ෂා කරගැනීමේ අරමුණින් රුසියාව කුරිල් දූපත් ආශ්රිත සිය නාවුක හමුදා කඳවුරුවල නවතම නෞකා නාශක මිසයිල පද්ධතියක් ස්ථාපිත කර තිබේ.
පැසිෆික් සාගරයේ සිට ගුවන්යානා හාරක නෞකාවල සිට රටට එල්ලවිය හැකි ප්‍රහාර මෙන්ම, ප්‍රහාරක නෞකාවලින් ඇතිවිය හැකි බලපෑම මැඬපැවැත්වීමේ අරමුණින් රුසියානු ආරක්ෂක අංශ මෙම නවතම මිසයිල පද්ධතිය ස්ථාපිත කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, බාල් සහ බැස්ටියන් මිසයිල පද්ධතියක් (නේටෝව මෙය හඳුන්වන්නේ සෙනයිට් හා ස්ටූජ් මිසයිල ලෙසිනි.) කුරිල් නාවික කඳවුරුවල ස්ථාපිත කර ඇති අතර, ඒවායෙහි අත්හදා බැලීම් හා ප්‍රහාරක අභ්‍යාස ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවද විදෙස් වාර්තා පවසයි.
මෙම කුරිල් දූපත් ආශ්‍රිතව අති නවීන නෞකා නාශක මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රුසියනු නාවික හමුදාව මීට පෙරද ප්‍රකාශ කර තිබූ අතර, කලාපය තුළ රුසියානු දේශසීමා තර කිරීම මෙහි අරමුණ බව පැවසුණි.
ඒ අනුව, මෙහි ස්ථාපිත කර ඇති බැස්ටියන් මිසයිල පද්ධතිය කිලෝ මීටර් 600ක වටප්‍රමාණයෙන් යුතු කලාපය ආවරණය කරමින් නෞකා නාශක මිසයිල ක්‍රියාත්මක කරන බවත්, බාල් මිසයිල පද්ධතිය කිලෝ මීටර් 120ක වටප්රමණය ආවරණය කරමින් නෞකා නාශක මිසයිල ක්‍රියාත්මක කරන බවත් කියැවෙයි.
පැසිෆික් සාගරයේ පැමිණෙන ප්‍රහාකර නෞකාවලට අමතරව, අදාළ වටප්‍රමාණයෙන් යුතු ගොඩබිම ප්‍රහාරයක් සඳහා වුවද මෙම නවීන මිසයිල පද්ධතිය යොදාගත හැකි බවද කියැවෙයි.