IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහි සටන වේගවත් කිරීම සඳහා සිරියාව කරා පැමිණෙන රුසියානු යුද නෞකා පෙළ අද දිනයේදී ඉංග්‍රීසි ඕඩය පසුකරමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
රුසියානු හමුදාවේ ප්රබලතම න්‍යෂ්ටික බල යුද නෞකාවක් ඇතුළු, යුද නෞකා හා සබ්මැරීනයන්ගෙන් සමන්විත මෙම හමුදා බලෑණියේ ගමන් මග බ්‍රිතන්‍ය රාජකීය නාවික හමුදාවේ යුද නෞකා දෙකක් විසින් නිරීක්ෂණය කරමින් සිටියි.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ බ්‍රිතාන්‍යය මුහුදු සීමාවට සමීපව ගමන් ගන්නා ඔවුන්ගේ ගමන් මගේ සෑම පියවරක්ම ඉතා සියුම් නිරීක්ෂණයකට ලක්වන බවයි.
එහිදී, බී.බී.සී.ය වාර්තා කරන්නේ යුරෝපා සංගමයේ නායකයන් රුසියාව විසින් සිරියාවේ ඇලෙප්පෝ නගරය ඉලක්ක කරමින් සිදුකරන බෝම්බ ප්‍රහාර තරයේ හෙළා දකින බවයි. කෙසේ වෙතත්, මේ වනවිට මොසුල් නගරය ඉලක්ක කරමින් සිදුකරන ඇමෙරිකානු ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් යුරෝපා සංගමය මුනිවත රැකීම පුදුම එළවන සුළු බව ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.
මේ අතර, රුසියාව අවධාරණය කරන්නේ සිය නෞකා ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරමින් සිටින බවය. එහිදී, බ්‍රිතාන්‍ය විසින් මෙම නෞකා බලඇණිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් හා තැතිගැන්මක් සහිතව නිරීක්ෂණ සිදුකිරීම හාස්‍යයට කරුණක් බවද ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාද රුසියානු නෞකා ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරමින් සිටින බව පවසා තිබේ. එනමුදු, බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඒවා සියුම් නිරීක්ෂණයකට ලක්කරන බව හෙතෙම සඳහන් කළ බව බී.බී.සී.ය වාර්තා කරයි.
රුසියානු ගුවන් යානා හාරක අද්මිරාල් කස්නෙට්සෝව් නෞකාව පෙරටු කොටගෙන නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපය වෙත මෙම යුද නෞකා පෙළ ගමන් කරමින් සිටියි. මේ අතර, රුසියානු යුද නෞකා 10ක් දැනටමත් මධ්‍යධරණී මුහුදේ පවතින අතර, ඒවා සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහි සටනට අවශ්‍ය සහාය දක්වමින් සිටින බව රුසියාව පවසයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රාජ්‍යයන්ට අනුව රුසියානු නෞකා මධ්‍යධරණී මුහුදේ පවතින්නේ සිරියානු ජනාධිපති අසාද්ගේ පාලනයට විරුද්ධ සටන්කාමීන් වෙත ප්‍රහාර එල්ල කිරීමටය.