ඇමෙරිකාව සමග ද්වීපාර්ශ්වික සබඳතා යළි ඇතිකර ගැනීමට තමන් සූදානමින් හා බලාපොරොත්තුවෙන් පසුවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසයි.
ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ජයග්රහණය ලැබූ ඩොනල්ඩ් ට්රම්ප් වෙත මුලින්ම සුබ පැතුම් එක්කළ රාජ්ය නායකයෙකු ලෙස පූටින්, මෙම මැතිවරණය පුරාවට ඩිමොක්රැටික් පක්ෂයේ දෝෂදර්ශනයට ලක්වූ විදේශ නායකයාද විය.
මීට අමතරව, ට්රම්ප්ගේ ජයග්රහණය සමග විදෙස් නායකයන් රැසක් ඔහු වෙත සිය සුභාශිංසන එක්කළ බවද විදෙස් වාර්තා පවසයි.